rss
twitter
    Find out what I'm doing, Follow Me :)

Fedora 11 Install කිරීම.

Fedora 11 Install කිරීම.

ටික දවසකට පස්සෙ Blog එකට ලියන්න වෙලාවක් හොයා ගත්තා. මේ උත්සාහය Fedora ගැන කිසිවක්ම නොදන්න කෙනෙකුට Fedora Install කරන ආකාරය කියලා දෙන්නයි. 

Fedora install කිරීමට පළමුවෙන්ම hard disk එකේ 10 Gb පමණ හෝ ඊට වැඩි ප්රමාණයක partition එකක් free කර ගන්න.

මුලින්ම Fedora cd එක දාලා Boot කරන්න. මම ගත්තෙ Fedora 11 CD එකයි. 
cd එක නැත්නම් මෙන්න Fedora 12 DVD එක Download කර ගන්න.

මුලින්ම automatic boot වීමට ඉඩ හරින්න. 
පහත window එකේදී log in යන්න ලබා දෙන්න.
log වූ පසු desktop එකේ ඇති install to hard disk මත double click කර ලැබෙන window එකේ next click කරන්න.  එවිට පහත පරිදි key board layout එක කුමක්ද තෝරා ගත යුතුය.
එහිදී us english තෝරා next කරන්න.  

මී ළඟ window එකෙන් අවශ්‍යනම් host name එකක් ලබාදී  මීළඟ පියවරට යන්න.
මෙහිදී root password එක අනිවාර්ය වේ. software install කිරීමේදී root හැටියට log විය යුතුය.


partition කිරීමේදී පහත පරිදි create costem layout තෝරන්න. 
linux partition වලදී boot (/boot) , swap , root (/) , යනුවෙන් partition 3 කට වෙන් කර ගත යුතුය. windows වල file format එක fat32, ntfs මෙන් linux වල file format එක ext3, ext4 යටුවෙන් ඇත. swap partition එකට file format එකක් ලබා නොදෙයි.  
දැන් free කර ගත් partition එක තෝරාගෙන එය පහත පරිදි customize කර ගන්න. 
boot partition එකට මෙගාබයිට් 100 ත් 104 ත් අතර අගයක් ලබා දෙන්න.
swap partition එකට ram එක මෙන් දෙගුණයක අගයක් ලබා දෙන්න.
root හට ඉතිරිය ලබා දෙන්න.
මෙහිදී /home යනුවෙන් තවත් partition එකක් ලබා දුනහොත් නැවත install කිරීමකදී පරිගනකයේ ඇති files විනාශ නොවී ආරක්ෂා කරගත හැක.  


partition කිරීමෙන් පසු boot මෙනු එක තේරීමට එයි. එහිදී windows install කර ඇති පරිගනකයක් නම් පහත window එකේ other යනුවෙන් එම OS එක පෙන්වයි. මෙහිදී පළමුවෙන් on විය යුතු os එක තෝරා Next කරන්න.
install වීමෙන් පසුව එන window එකෙන් reboot කරන්න. ලැබෙන උපදෙස් පිළිපදින්න. user account create කිරීමේදී user name එකට space සහ block letters ලබා නොදෙන්න. Password එකට අවම අකුරු 6ක් තිබිය යුතුයි.


මීළඟට ඇති උපදෙස් පිළිපදින්න. පහත පරිදි login window එක දිස්වේ.

දැන් පරිගනකයට ෆෙඩෝරා install කරලා අවසානයි. Fedora වල වැඩ කරලාම File system එක සහ application ගැන  ටිකක් හොයලා බලන්න. 

මීළඟ ලිපි වලින් terminal එකෙන් වැඩ කරන හැටි software install කරන හැටි කියලා දෙන්නම්. 



4 comments:

  1. !!!...WWW.NIMESHAYA.NET...!!!
    SRMD MOHANA WIJESEKARA
    MY LINE :- 077 2517193
    :- 071 2320061
    WEB :- http://www.nimeshaya.net
    EMAIL :- it46368@navy.lk
    info@nimeshaya.net
    srmdmw@gmail.com

    ReplyDelete
  2. එල එල ඔහොම යමු.....

    ReplyDelete
  3. Machan matath asahithuna

    ReplyDelete